යෝනිය ගැන නොදන්න රහස් 05 ක් : Tips on Vulva

 


හලෝ කොල්ලනේ! අද මම කියන්න යන්නේ ඔයාලා ගෑණු ළමයාගේ ලිංගික අවයව ගැන නොදන්න, හැබැයි අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන රහස් 5ක් ගැන. මේවා දැනගත්තම ඔයාලාට කෙල්ලව තව හොඳට තේරුම් ගන්න පුළුවන් වෙයි, එයාට සතුටක් දෙන්නත් ලේසි වෙයි.
 
📌ක්ලිටෝරිස් එක කියන්නේ පිරිමි ලිංගය වගේම එකක්!
 
අහලා තියෙනවද මේක? ගැහැණු ළමයාගේ ක්ලිටෝරිස් (clitoris) එකයි, පිරිමි ළමයාගේ ලිංගයයි පුතේ මුලින්ම හැදෙන්නේ එකම විදියට. අපි මේවට කියනවා හෝමලොග්ස් කියලා. ඒ කියන්නේ කලල අවස්ථාවේදී (fetus) මේවා එකම කොටසක් විදියටයි තියෙන්නේ. පස්සේ තමයි කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියන එක අනුව ක්ලිටෝරිස් එකක්ද, පුරුෂ ලිංගයක්ද කියලා වෙනස් වෙන්නේ.
 
දෙකේම එකම ව්‍යුහයන් තියෙනවා, විශේෂයෙන්ම Corpora Cavernosa කියලා කොටස. ලිංගික හැඟීම් ඇති වුණාම මේවා ලේ වලින් පිරිලා ලොකු වෙනවා. ගොඩක් කාලයක් අපි හිතන් හිටියේ ක්ලිටෝරිස් එකේ ස්නායු තන්තු 8,000ක් විතර තියෙනවා කියලා. ඒත් අලුත්ම අධ්‍යනයකින් හොයාගෙන තියෙනවා සාමාන්‍යයෙන් ස්නායු තන්තු 10,000ක් විතර තියෙනවා කියලා! ඒ කියන්නේ ඒක අම්මට සිරි විදියට සංවේදීයි. මේක තමයි තනිකරම සතුට විතරක්ම වෙනුවෙන් හදපු එකම ඉන්ද්‍රිය! මතක තියාගනින් පුතෝ, මේක තියෙන්නේ ඔයාට කෙල්ලව සතුටු කරන්න.
 
📌ක්ලිටෝරිස් එකටත් පෙරසමක් තියෙනවා!
 
ඔව්, හරි. පිරිමි ලිංගයට වගේම ක්ලිටෝරිස් එකටත් පෙරසමක් (foreskin) තියෙනවා. මේකට කියන්නේ *ක්ලිටෝරල් හුඩ් (clitoral hood)* නැත්නම් *ප්‍රෙපියුස් (prepuce)* කියලා. මේක තියෙන්නේ ක්ලිටෝරිස් එක ආසාදනවලින් (infections) සහ අපහසුතාවලින් ආරක්ෂා කරන්නයි.
 
සමහර වෙලාවට මේ ප්‍රෙපියුස් එකේ තෙල් හෝ මැරුණු සමේ සෛල තැන්පත් වෙලා smegma වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒකෙන් කෙල්ලට වේදනාවක්, අපහසුතාවක් එන්න පුළුවන්, සමහරවිට සුරාන්තයට පත්වෙන එකත් අමාරු වෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්න තියෙන කෙල්ලන්ට Clitoral Adhesiolysis කියලා පුංචි සැත්කමක් කරන්න පුළුවන්. මේකෙන් ඒ හුඩ් එකෙන් ක්ලිටෝරිස් එක නිදහස් කරනවා. මේකෙන් ගොඩක් වෙලාවට වේදනාව අඩු වෙලා ලිංගික හැඟීම් වැඩි දියුණු වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඉතින් කෙල්ලට ඒ පැත්තේ පොඩි අපහසුතාවක් වගේ තියෙනවා නම්, ඩොක්ටර් කෙනෙක් එක්ක කතා කරන්න කියන්න.
 
📌යෝනි තොල් කෙනාගෙන් කෙනාට වෙනස්!
 
ගැහැණු ළමයාගේ යෝනි මාර්ගයේ ඇතුල් තොල්, ඒ කිව්වේ Labia Minora, හරියට අපේ ඇඟිලි සලකුණු වගේ. හැම කෙනාටම එක එක හැඩ, පාට, සයිස්, මහත තියෙනවා. මේවා ඔයාටම ආවේණිකයි.
 
පෝන් වල දකින ගොඩක් රූප ඩිජිටල් විදියට හදලා තියෙන්නේ එකම විදියට පේන්න. ඒත් ඇත්තටම ගෑණු ළමයින්ගේ මේ යෝනි තොල් පිටත තොල්වලින් පිටතට නෙරා එන්න පුළුවන්, අසමමිතික (asymmetrical) වෙන්න පුළුවන්, ඒ කියන්නේ එකක් අනික් එකට වඩා දිග වෙන්නත් පුළුවන්. මේ කිසිම දෙයක් අවුලක් නෙවෙයි, හැබැයි, කෙල්ල ලිංගිකව උත්තේජනය (arousal) වුණාම මේ යෝනි තොල් සාමාන්‍ය ප්‍රමාණයට වඩා දෙතුන් ගුණයකින් ලොකු වෙන්න පුළුවන්. පාටත් වෙනස් වෙන්න පුළුවන්, රෝස පාටින් තද රතු පාටට හැරෙන්න පුළුවන්, විශේෂයෙන් සුරාන්තයට පත්වෙන්න කලින්. මේ හැමදේම තාවකාලිකයි. ලිංගිකව හැසිරුණාට පස්සේ හැමදේම ආපහු සාමාන්‍ය තත්ත්වයට එනවා.
 
📌සෙස් කළා කියලා යෝනි මාර්ගය ලොකු වෙන්නේ නෑ!
 
කෙල්ල සෙක්ස් කරන්න ලෑස්ති වෙද්දි යෝනි මාර්ගය පළලින් සහ දිගින් වැඩි වෙනවා. යෝනි බිත්ති මොළයට සංඥා යවනවා "අපි ලෑස්තියි!" කියලා. ඊට පස්සේ යෝනි මාර්ගය ස්වභාවික ලිහිසිකාරක (lubrication) නිපදවන්න පටන් ගන්නවා, ඒ වගේම පළලින් සහ දිගින් වැඩි වෙනවා.
 
සාමාන්‍ය වෙලාවට යෝනි මාර්ගය සෙන්ටිමීටර 3-4ක් විතර පළලයි, 8-9ක් විතර දිගයි. හැබැයි උත්තේජනය වුණාම මේක දෙගුණයක් විතර ලොකු වෙන්න පුළුවන්, ඔයාගේ පිරිමි අවයවය ලේසියෙන් ඇතුල් කරන්න පුළුවන් වෙන විදියට. සෙස් කරලා ඉවර වුණාම හැමදේම ආපහු සාමාන්‍ය තත්ත්වයට එනවා. ඒ නිසා *"යෝනි මාර්ගය සෙක්ස් කරලා ලිහිල් වෙනවා" (loose vagina) කියලා දෙයක් නෑ*,කෙල්ලගේ ශරීරය පුදුම විදියට හැඩ ගැහෙන්න පුළුවන්, එයා ආපහු කලින් තිබ්බ තත්ත්වයටම එනවා.
 
📌යෝනි මාර්ගය තනියම පිරිසිදු වෙනවා
 
අන්තිම එක, හැබැයි වැදගත්ම එක. යෝනි මාර්ගය තනියම පිරිසිදු වෙනවා, ඒකට තමන්ගේම බැක්ටීරියා (bacteria) පද්ධතියක් තියෙනවා. ඇත්තටම යෝනි මාර්ගයේ පරිසරය ඉතාම ආරක්ෂිතයි. ඒක ඇතුලේ තියෙන *ඊස්ට්‍රජන් (estrogen)* නිසා යෝනි මාර්ගය සාමාන්‍යයෙන් ආම්ලික (acidic) පරිසරයක් හදාගෙන ඉන්නවා. ඒ වගේම විශේෂ බැක්ටීරියා වර්ග තියෙනවා, ඒක යෝනි මාර්ගයේ මයික්‍රොබයෝම් (microbiome) එක ආරක්ෂා කරනවා. මේක ආසාදන වළක්වනවා, නරක බැක්ටීරියා ඇතුලට යන එක නවත්වනවා.
 
ඉතින් , *ඔයාට යෝනි මාර්ගයේ ඇතුල පිරිසිදු කරන්න කිසිම හේතුවක් නෑ*. Douching වගේ දේවල් කිසිසේත්ම නිර්දේශ කරන්නේ නෑ. මෙච්චර කියලත් ඔයාට ඕක පිරිසිදු කරන්නම ඕන නම්, සබන් දාපු වතුර ටිකක් පිටතින් වැටෙන්න දීලා, රෝම තියෙන ප්‍රදේශ විතරක් පිරිසිදු කරගන්න. ඉතුරු ටික යෝනි මාර්ගය තනියම බලාගනියි. ඒකට මල්, රෝස, වැනිලා වගේ සුවඳක් එන්න ඕන නෑ. ඒකට තමන්ටම ආවේණික සුවඳක් තියෙනවා, ඒක ඒ විදියටම තියෙද්දෙන් !
 
 
දැන් ඔයාලා කෙල්ලගේ ඇඟ ගැන, විශේෂයෙන් එයාගේ "එක" ගැන, තව හොඳ අවබෝධයකින් ඉන්නේ. මේවා මතක තියාගෙන එයාට තව හොඳින් සලකන්න.
 
#XeducationSL

Previous Post Next Post