කෙල්ලෙක්ව ඉක්මනින් සතුටු කරන්න ටිප්ස් : Tips on how to make a girl orgasm


 

හලෝ කොල්ලනේ! අද මම අරන් ආවේ කෙල්ලෙක්ව ඉක්මනින් සතුටු කරන එක ගැන පොඩි ට්‍රික් එකක්. මේක දැනගත්තම ඔයාලගේ ගැම්ම දෙගුණ තෙගුණ වෙයි, ගෑණු ළමයා පිස්සු වැටෙයි. ගොඩක් කොල්ලෝ කරන්නේ පෝන්වල දකින දේවල් කොපි කරන එකනේ. ඒත් පුතෝ, පෝන් හදන්නේ ඔයාගේ සතුටට නෙවෙයි, බලන උන්ගේ ඇස් පිනවන්න. ඒකේ කෙල්ලගේ ඇග පෙන්නනවා මිසක්, එයාට කොහොමද සුරාන්තයක් දෙන්නේ කියලා පෙන්නන්නේ නෑ. ඒක නිසා ඔයාලා දකිනවා කෙල්ල උඩට පහළට යනව විතරයි. එහෙම ගියාට බහුතර කෙල්ලන්ට එකක් වෙන්නේ නෑ.
 
දැන් අහගන්න, මෙන්න වැඩේ!
 
 
📌 මම මේ කියන්නේ කව්ගර්ල් ඉරියව්වෙන් කරද්දී කරන්න පුළුවන් ටිප් එකක් ගැන. හිතාගන්න අර මැණික් පතල් වල මැණික් හොයන මිනිස්සු පෑන් එකකින් වැලි පෙරාගෙන මැණික් ගල් හොයන හැටි. ඒ අය අර මොකද්ද එකකින් රවුමට කරන්නේ. මේ විදියට, දැන් ඔයාගේ ගෑණු ළමයා ඔයාගේ උඩට වෙලා කව්ගර්ල් කරනකොට එයා උඩට පහළට යවනව වෙනුවට, එයාගේ ඉණෙන් අල්ලගෙන එයාව ඉස්සරහටයි පස්සටයි තල්ලු කරන්න. හරියට මැණික් ගරනවා වගේ.
 
මොකද දන්නවද වෙන්නේ? ඔයාගේ එකේ ඔළුව (ඔයාගේ ඔළුව කියන්නේ මොකද්ද දන්නවනේ, සකබරයා එක්ක වැඩි වචන කියන්න බෑ) කෙලින්ම ගෑණු ළමයාගේ G-Spot එකට වදිනවා, ආයෙත් ආයෙත් වදිනවා! හැබැයි හැම කෙල්ලෙක්ම මේ විදියේ උත්තේජනයකට එහෙම සංවේදී නැහැ. සමහර කෙල්ලෝ ක්ලිට් එකෙන් තමයි වැඩියෙන් ආස. ඒකත් මතක තියාගන්න.
 
ඒත් මේ වැඩේට පොඩි හයියක් ඕන. ඔව්, පුතෝ, කෙල්ලෙක්ව ඒ විදියට වේගෙන් ඉස්සරහට පස්සට තල්ලු කරන්න පොඩි ස්ට්‍රෙන්ත් එකක් (strength) ඕන. චුට්ටක් වර්ක්අවුට් කරපන්. හැබැයි එයාට එකක් දෙන්න පුළුවන් නම් ඒක වටිනවා.
 
 
📌 ගැහැණියක්ට සුරාන්තයක් ලබන්න බැරි වෙන නරකම දේ තමයි එයා එයාගේ  "ඔලුව ඇතුලේ" ඉන්න එක. එයා ඕනවට වඩා හිතන්න ගත්තොත්, "දැන් වෙන්නේ මොකද්ද? මම ලස්සනද? මූ ආසද? මම හරියට කරනවද?" වගේ දේවල් හිත හිත හිටියොත් එයාට කවදාවත් එකක් වෙන්නේ නෑ. මෙන්න මේ වගේ වෙලාවට තමයි "ඩොමිනන්ස්" (Dominance) කියන දේ එන්නේ. ඔයා ඩොමිනන්ට් වෙලා, නායකත්වය අරගෙන, පොඩ්ඩක් "මෑන්-හැන්ඩ්ලි" (man-handly) වුණාම, කෙල්ලව යම් සබ්-ස්පේස් (sub-space) එකකට වැටෙනවා. එයාට හිතන්න වෙලාවක් ලැබෙන්නේ නෑ. එයා ඒ මොහොතේ ඉන්නවා. එයාට හැගීම්වලට යටත් වෙන්න පුළුවන් වෙනවා. එහෙම හිතන්නේ නැතුව හැගීම්වලට යටත් වුණාම එයා දහස් ගුණයකින් වැඩියෙන් සුරාන්තයට පත් වෙනවා.
 
කව්ගර්ල් කරද්දිත් ඒකමයි. ඔයා ඉක්මනට, අනපේක්ෂිත විදියට, එයාට හිතන්න වෙලාවක් නොදී මේ "මැණික් ගරණ එක" එක කළොත්, එයාට තේරෙන්නෙත් නැතිව එයාට දැනෙයි "මොකද්ද මේ වුණේ?" කියලා. එයාට ඒක අනිවාර්යයෙන් මතක හිටියි! මොකද ඔයා එයාට හිතන්න වෙලාවක් දුන්නේ නෑනේ.
 
📌 කෙල්ලව සතුටු කරන්න මැරීගෙන දඟලන්න එපා! කොල්ලෝ කරන නරකම දේවල්වලින් එකක් තමයි කෙල්ලව සතුටු කරන්න ඕනවට වඩා දඟලන එක. "අනේ මට මෙයාව සතුටු කරන්නම ඕන, නැත්නම් මම මිනිහෙක් නෙවෙයි, මට වටිනාකමක් නෑ" වගේ හිතාගෙන ලිංගිකව හැසිරීම. පුතෝ, කෙල්ලෝ ඕවා හරියට අඳුරගන්නවා. ඔයාගේ බලාපොරොත්තු සුන් වූ, මංමුලා වෙච්ච වයිබ් එක කෙල්ලට දැනෙනවා. එතකොට කෙල්ල ආපහු එයාගේ ඔලුව ඇතුලට යනවා. "අනේ මට වුණේ නැත්නම් මෙයාට දුක හිතෙයි, එයාගේ ඔලුවට ඒක වදීවි" කියලා එයා හිතන්න ගන්නවා. එකම රවුම වටේ දුවනවා වගේ ඔලුව ඇතුලේ හිත හිත ඉන්නවා. එයා ඒ මොහොතේ දැනෙන දේට අවධානය දෙන්නේ නෑ.
 
 
📌 ඇඳට යනකොට ඔයාලට මම කියන්නේ තමන්ටම ආත්මාර්ථකාමී වෙන්න. මේකෙන් අදහස් වෙන්නේ ඔයා තත්පර 30න් වැඩේ ඉවර කරගෙන නිදාගන්නවා කියන එක නෙවෙයි. නෑ, එහෙම ආත්මාර්ථකාමී වෙන්න එපා.
 
මේකේ තේරුම තමයි "මම මේ දේවල් කරන්නේ මගේම විනෝදය පිණිස" කියන එක. හරියට එයා ඔයාගේ ලිංගික ක්‍රීඩා පිටිය වගේ. එයා ඔයාත් එක්ක මේ ත්‍රිල් එකට එකතු වෙලා විතරයි. "මම මේවා කරන්නේ එයාව සතුටු කරන්න විතරයි" කියලා හිතන්න එපා. ඔයා එයාව අත්විඳින්න, එයාගේ ඇඟ හොයන්න. එයා තනියම සතුටු වෙනවට වඩා එයාව සතුටු කරන්න ඔයා ආසයි. මේ මානසිකත්වයෙන් වැඩේට බහිද්දි කෙල්ලට හිතන්න දෙයක් නෑ. එයාට දැනෙනවා ඔයාට එයාගේ සිරුර ගැන ලොකු ආශාවක් තියෙනවා කියලා.
 
 
📌 ගැහැණුන්ව අර තැනට ගේන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි, සමහර වෙලාවට කතා නොකර ඉන්න එක. ඔයාගේ ශරීර භාෂාවෙන්, ඔයාගේ ක්‍රියාවලින්ම එයාට දැනෙන්න දෙන්න ඔයාට ඕන මොකද්ද කියලා. එතකොට එයාට හිතන්න දෙයක් නැති වෙනවා. එයාට දැනෙන දේට අවධානය දෙන්න පුළුවන් වෙනවා.
 
ඉවරායි..
 
ඉස්සර වගේ දිග නෑ. වැඩක් නෑ. යැයි යැයි ගාන්න එපා. ආපහු කලින් වගේ ලියන්න ගන්නවා ටික ටික.
 
#XeducationSL


Previous Post Next Post