හලෝ කොල්ලනේ! අද අපි කතා කරන්න යන්නේ ඔයාලගෙන් ගොඩක් අය හොරෙන් Google කරන, යාළුවොත් එක්කවත් කතා කරන්න ලැජ්ජ වෙන, ඒත් හිත ඇතුළෙන් මාර විදියට වද දෙන මාතෘකාවක් ගැන. "මගේ එකේ සයිස් එක මදිද? මේක තව ටිකක් දිග, මහත කරගන්න විදියක් නැද්ද?"
ලංකාවේ පිරිමි මොන දේ කිව්වත්, පිටින් ගැම්මට හිටියත්, ගොඩාක් අයට මේ ගැන තියෙන්නේ පුදුම හීනමානයක්. හැබැයි අද මම මෙතන ඉන්නේ ඔයාලගේ ඔලුවේ තියෙන ඒ කුණු කන්දල් ටික සුද්ද කරලා, ඇත්තම විද්‍යාත්මක තත්ත්වය මොකක්ද කියලා පෙන්නන්න. කිසිම බොරුවක් නෑ, කෙලින්ම කතාවට බහිමු.
ඇත්තටම මේක ප්‍රශ්නයක්ද?
ඔයාලා දන්නවද 50,000ක් පිරිමි අයගෙන් කරපු සමීක්ෂණයකින් හෙළි වුණා 55%ක්ම තමන්ගේ ආයුධයේ සයිස් එක ගැන සෑහීමකට පත්වෙන්නේ නෑ කියලා? හැබැයි මාරම වැඩේ කියන්නේ, ඒ පිරිමින්ගේ සහකාරියන්ගෙන් (partners ලගෙන්) ඇහුවම 85%ක්ම කාන්තාවන් තමන්ගේ මනුස්සයාගේ සයිස් එක ගැන උපරිම සෑහීමකට පත්වෙලා හිටියේ! දැක්කනේ. ඔයාට ප්‍රශ්නයක් වුණාට, කෙල්ලන්ට ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඇයි එහෙම වෙන්නේ? මොකද අද කාලේ වැල වීඩියෝ බලලා බලලා කොල්ලන්ගේ ඔලු කුරුවල් වෙලා තියෙන්නේ. ඒක හරියට game එකක රේස් කාර් එකක් එලෙව්වා වගේ වැඩක්. තිරේ දකින දේ නෙවෙයි ඇත්ත ලෝකයේ තියෙන්නේ. අඟල් 8-9 ඒවා දැකලා, තමන්ගේ එක දිහා බලලා දුක් වෙන එක නවත්තන්න කාලේ හරි.
Science එකෙන් කියන "Normal" සයිස් එක මොකක්ද?
කෙලින්ම ඉලක්කම්වලට යමු. ලෝකයේ සාමාන්‍ය (Average) ප්‍රමාණය වෙන්නේ අඟල් 5.2ක් (සෙන්ටිමීටර 13.2ක්) විතර.
වෛද්‍ය විද්‍යාවට අනුව කෙනෙකුට "Micro Penis" (අසාමාන්‍ය ලෙස කුඩා) තත්ත්වයක් තියෙනවා කියන්නේ ඒකේ දිග අඟල් 2.9 (සෙන්ටිමීටර 7.5) ට වඩා අඩු නම් විතරයි. මේක වෙන්නේ මුළු ජනගහනයෙන් 0.14% කට වගේ. ඒ කියන්නේ 99%ක්ම කොල්ලන්ගේ කිසිම අවුලක් නෑ!
පොඩි ජුන්ඩා මානසිකත්වය
ගොඩක් අයට තියෙන ඇත්තම ප්‍රශ්නේ සයිස් එක නෙවෙයි; Body Dysmorphic Disorder නැත්නම් Small Penis Anxiety කියන මානසික තත්ත්වය. තමන්ගේ එක පොඩියි කියන බොරු බය නිසා දවසට පැය ගාණක් මේ ගැන හිත හිත ලතවෙනවා. සමහරු මේ නිසාම ඩිප්‍රෙෂන් ඇවිත් රෝහල්ගත වෙන තත්ත්වයට පවා පත්වෙනවා. මේක විහිළුවක් නෙවෙයි හබිලා, මේක බරපතල තත්ත්වයක්.
දිග කරගන්න තියෙන ක්‍රම: ඇත්ත සහ බොරුව
Google දෙයියගෙන් ඇහුවොත් නම් එක එක ජල්තර කාරයෝ ඔයාලව අන්දන්න බලාගෙන ඉන්නවා. වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පු කරපු දේවල් මෙන්න:
උපදේශනය
තමයි හොඳම ප්‍රතිකාරය! පුදුමයි නේද? සයිස් එක ගැන වද වෙන ගොඩක් කොල්ලො, හොඳ මනෝවිද්‍යාඥයෙක් එක්ක කතා කරලා මේ මානසික බය නැති කරගත්තට පස්සේ, ආයේ කවදාවත් තමන්ගේ එක දිග කරගන්න පස්සේ එලවන්නේ නෑ.
Penile Extenders (Traction Devices) මේක හරියට දත්වලට දාන Braces වගේ එකක්. යන්ත්‍රයකින් දවසට පැය ගාණක්, මාස ගාණක් තිස්සේ ඇදලා තියාගන්නවා. මේකෙන් ඇත්තටම පොඩි ප්‍රතිඵලයක් තියෙනවා (සෙන්ටිමීටර 2ක් වගේ දිගු වීමක්). හැබැයි මේකට මාර කැපවීමක් ඕනේ, ඒ වගේම හිරිවැටීම්, තැලීම් වගේ දේවල් වෙන්න පුළුවන්.
Vacuum Pumps: මේවගෙන් දිග වැඩි වෙන්නේ නෑ. සල්ලි නාස්ති කරගන්න එපා.
එන්නත් කිරීම්
මේක නම් ජීවිතේට කරන්න එපා! එක එක තෙල් ජාති, ජෙල් ජාති විදගන්න ගිහින් මුළු ජීවිතේම විනාශ කරගත්ත, සදාකාලිකවම අක්‍රිය වුණු අය ඕන තරම් ඉන්නවා.
ශල්‍යකර්ම
ගොඩක් වෙලාවට කරන්නේ ශරීරයට සම්බන්ධ වෙලා තියෙන ඛණ්ඩරාවක් (Suspensory ligament) කපලා දාන එක. එතකොට පොඩ්ඩක් එළියට පේනවා වැඩියි. හැබැයි මේකෙන් වෙන සංකූලතා මාර වැඩියි.
ඇමරිකාවේ Sexual Medicine Society එක පවා කියන්නේ, Micro Penis තත්ත්වයක් නැත්නම් මේ වගේ Surgery කිරීම අනුමත කරන්නේ නෑ කියලා.
සයිස් එක නෙවෙයි, "වැඩ කිඩ" තමයි වැදගත්!
කෙල්ලෝ 85%ක්ම ඔයාලගේ සයිස් එක ගැන සතුටුයි කිව්වේ නිකම් නෙවෙයි. කාන්තාවකගේ සුරාන්තය තීරණය වෙන්නේ ඔයාගේ ආයුධයේ දිග පළල මත නෙවෙයි; ඔයා ඇයට දෙන අවධානය, Foreplay, සහ ඇයගේ ශරීරය ගැන ඔයාට තියෙන අවබෝධය මතයි. ගෑනි ඇතුලේ ඉන්න වල් සතාව අවදි කරලා ගන්න නම්, සයිස් එක ගැන ලතවෙන එක නවත්තලා, ඇයත් එක්ක කතා කරන්න. ඇය ආස දේවල් අහන්න. ඇඟිලිවලින්, දිවෙන් කරන්න පුළුවන් දේවල් අඟල් 8ක යකඩයකින්වත් කරන්න බෑ කියලා තේරුම් ගන්න!
#XeducationSL
