ලිංගික සතුට වැඩි කර ගන්න ව්‍යායාම : Exercises for better sex

 


අද මම කියන්නේ ව්‍යායාම, ඒ කියන්නේ fitness වලින් ලිංගික තෘප්තිය වැඩි කරගන්නේ කොහොමද කියලා. ගොඩක් කොල්ලෝ වැරදියට හිතන දේවල් මේකෙදි මම කඩලා දානවා.
 
කොල්ලනේ, සෙක්ස් කියන්නේ හරිම dynamic දෙයක්. ඒකට ශරීර ශක්තිය, නම්‍යශීලී බව, සහ දරා ගැනීම හැකියාව (stamina) ඕන වෙනවා. මේ දේවල් හදාගන්න පුළුවන් ප්‍රධාන ව්‍යායාම ටිකක් මම කියන්නම්. ඔය tutorial ඕන තරම් Youtube වල තියෙනවා. බලාගෙන කරන්න.
 
📌Deep Squats, Deficit Deadlifts, Hip Thrusts, Glute Thrusts:
 
මේ ව්‍යායාම වලින් ඔයාගේ තට්ටම් සහ කකුල් වල මාංශ පේශි (glutes and leg muscles) හයිය වෙනවා. ලිංගික ක්‍රියාවේදී "තල්ලු කරනකොට" (thrust) ඒකට අවශ්‍ය මාංශ පේශී ශක්තිය මේවායින් හම්බ වෙනවා. විශාල මාංශ පේශි ස්කන්ධයක් මේ ව්‍යායාම වලින් හදාගන්න පුළුවන්. රෙප්ස් 5-30 වගේ ප්‍රමාණයකින් සෙට්ස් කිහිපයක් ගැහුවම මාංශ පේශි හොඳට හැදෙනවා. මේ මාංශ පේශි හයිය වුණාම ඕනෑම ඉරියව්වකදී වේගෙන්, ශක්තිමත්ව වැඩේට බහින්න පුළුවන්. උදාහරණයක් විදියට, කව්ගර්ල් වගේ ඉරියව්වලදී, කෙල්ලව හොඳට ත‍්‍රස්ට් කරන්න ඔයාට මේ ශක්තිය උපකාරී වෙනවා.
 
📌උදර මාංශ පේශි (Abs/ Abdominals)
 
ඔයාගේ උදර මාංශ පේශිත් ලිංගික ක්‍රියාකාරිත්වයට හරිම වැදගත්. crunches, sit-ups, leg raises වගේ ව්‍යායාම වලින් මේවා හයිය කරගන්න පුළුවන්. මේවා හයිය වුණාම ඔයාට පුළුවන් උකුල හොඳට උඩට තල්ලු කරන්න, ලිංගික ක්‍රියාවේදී "ස්කූප්" (scoop) කරන චලනයන් කරන්න. විශේෂයෙන් කෙල්ල උඩට වෙලා ඉන්න ඉරියව්වලදී මේක හරිම වැදගත්.
 
📌ඇඟේ ශරීර ශක්තිය (Overall strength)
 
මිෂනරි වගේ ඉරියව්වලදී ඔයාට දීර්ඝ කාලයක් කෙල්ලගේ උඩින් ඉන්න පුළුවන් වෙන්න, push-ups, bench press වගේ ව්‍යායාම හරිම වැදගත්. මුළු ඇඟම ශක්තිමත් වුණාම ඕනෑම ඉරියව්වකදී හොඳට වැඩ දාන්න පුළුවන්. ඔයා ශක්තිමත් වුණාම ලිංගික ක්‍රියාවේදී ඕනෑම දෙයක් කරන්න පුළුවන්. මොකද හැම කෙල්ලෙක්ම කැමති එකම දේට නෙවෙයි. ඔයාට විවිධ දේවල් කරන්න පුළුවන් වෙන්න ඕන.

 
📌 වැදගත්ම දේ - විශ්වාසය!
 
අවසාන වශයෙන්, පුතෝ, ඔයාට කොයි තරම් මාංශ පේශි තිබුණත්, ඔයා කෙල්ලෙක්ව උස්සගෙන කරන්න පුළුවන් වුණත්, ඒ හැමදේටම වඩා වැදගත් දේ තමයි විශ්වාසය. ඔයාට ඕනෑම ශරීර ප්‍රමාණයකින් විශ්වාසයෙන් ඉන්න පුළුවන්. ඒක තමයි කෙල්ලෙක්ව ඇත්තටම ආකර්ෂණය කරගන්න ප්‍රධානම දේ.
 
ඔයා ඇඳට එනකොට විශ්වාසයකින් නැතුව, "අනේ මම ලස්සන නැද්ද? ලයිට් ඕෆ් කරන්නද?" වගේ හිටියොත්, ඒක පිරිමින්ට වගේම ගැහැණුන්ටත් ආතල් කුඩු වෙන එකක්.
 
ඔයා හොඳ ශරීර හැඩයකින් ඉන්නකොට, ඒක ඔයාට ලොකු විශ්වාසයක් (confidence) දෙනවා. ඇඳුම් නැතුව ඉන්නකොට ඔයාට ඔයාගේ ශරීරය ගැන ආඩම්බරයක් දැනෙනවා නම්, ඒක කෙල්ලටත් දැනෙනවා. පිරිමි කෙනෙක් තමන්ගේ ශරීරය ගැන විශ්වාසයකින් ඉන්නකොට, vibe එක කෙල්ලන්ට හරිම සරාගී දෙයක්.
 
ඉතින්, කොල්ලනේ ටික කාලයක් ෆිට්නස් පැත්තට අවධානය යොමු කරලා, ඔයාගේ ඇඟ ගැන ටිකක් හිතන්න ගත්තොත්, ඒක ඔයාගේ ලිංගික ජීවිතය පුදුම විදියට වෙනස් කරයි. මතක තියාගන්න, ඔයා ප්‍රොෆෙෂනල් බොඩිබිල්ඩර් කෙනෙක් වෙන්න ඕන නෑ. පොඩ්ඩක් ෆිට් වුණාම ඇති!
 
#XeducationSL


Previous Post Next Post