ගැහැණු දිය විදීම කියන්නේ මොකද්ද? : Truth about squirting


 
හලෝ කෙල්ලනේ! සමහරු "දිය විදින" එක කරනවා, සමහරු කරන්නේ නෑ. හැබැයි මේකෙන් මොකක් හරි වෙනසක් වෙනවද? මේක වැදගත්ද? අද අපි කතා කරමු කෙල්ලෝ මේ දිය විදීම (Squirting) කරන එක ගැන මොන වගේ හැඟීම්ද තියෙන්නේ කියලා. මේ වීඩියෝ එකෙන් මම ගැහැණු ළමයි මේ අත්දැකීම ගැන කියපු දේවල් එක්ක කරපු අධ්‍යයනයක් ඔයාලට කියන්නම්.
 
Squirting කියන්නේ මොකද්ද?
 
ඔයාලා දන්නේ නැත්නම්, "Squirting" කියන්නේ ලිංගික උත්තේජනයේදී හෝ සුරාන්තයේදී මුත්‍රා මාර්ගයෙන් (urethra) දියරයක් පිටවීමයි. මේක සමහර කෙල්ලන්ගෙන් සිද්ධ වෙනවා.
 
දැන් මේක පොඩ්ඩක් සංකීර්ණ වගේ නම්, අපි ගැහැණු ශරීරයේ ව්‍යුහය ගැන පොඩ්ඩක් මතක් කරගමු. මුත්‍රා මාර්ගය කියන්නේ මුත්‍රා මුත්‍රාශයේ ඉඳන් ශරීරයෙන් පිටතට ගෙනියන නලයක් වගේ කොටසක්. ස්කීන්ස් ග්‍රන්ථි (Skene's Glands) තියෙන්නේ මේ මුත්‍රා මාර්ගය වටේටයි යටටයි. මේවා පිරිමින්ගේ ප්‍රොස්ටේට් ග්‍රන්ථියට (prostate) සමානයි. ඒ කියන්නේ එකම කළල පටකවලින් හැදුණු ග්‍රන්ථි.
 
ලිංගික උත්තේජනයේදී, මේ ස්කීන්ස් ග්‍රන්ථි දියරයෙන් පිරෙනවා කියලා තමයි හිතන්නේ. ඊට පස්සේ සුරාන්තයේදී, ශ්‍රෝණි තලයේ මාංශ පේශි (pelvic floor muscles) හැකිලෙනකොට, ඒ දියරය මුත්‍රා මාර්ගය හරහා පිට වෙනවා. මේ "Squirt" වන දියරය සාමාන්‍යයෙන් පැහැදිලි හෝ වර්ණයක් නැති එකක්. ඒක පොඩි ප්‍රමාණයක් වෙන්නත් පුළුවන්, ගොඩක් ලොකු වෙන්නත් පුළුවන්. මේක සමහරවිට තනුක මුත්‍රා (dilute urine) සහ ස්කීන්ස් ග්‍රන්ථිවලින් එන දියරයේ මිශ්‍රණයක් වෙන්න පුළුවන්.
 
මොකද දන්නවද? මේ දියරය පරීක්ෂා කරලා බලලා තියෙනවා. ඒකේ PSA phosphatase කියලා එන්සයිමයක් තියෙනවා. මේක පිරිමින්ගේ ප්‍රොස්ටේට් ග්‍රන්ථියෙන් එන එන්සයිමයක් වගේම, ගැහැණුන්ගේ ස්කීන්ස් ග්‍රන්ථිවලත් තියෙනවා.
 
ගැහැණු අයගේ ධාතු පිටවීම (Female Ejaculation) සහ Squirting කියන්නේ දෙකක්!
 
Ejaculation කියන්නේ ස්කීන්ස් ග්‍රන්ථිවලින්ම එන කුඩා ප්‍රමාණයේ කිරි පාට දියරයක් කියලා තමා හිතන්නේ. මේ ගැන ගොඩක් පර්යේෂණ නැති වුණත්, ගැහැණු ළමයි 40%ක් විතර Ejaculation අත්දකිනවා කියලා වාර්තා වෙනවා.
 
 
"Squirting" ගැන වැඩි පර්යේෂණ නැති නිසා, ස්වීඩනයේ පර්යේෂකයන් කණ්ඩායමක් " Squirt" කරනවා කියලා තමන්ව හඳුනාගත් ගැහැණු ළමයි 28 දෙනෙක්ව තෝරගෙන එයාලගේ අත්දැකීම් ගැන සම්මුඛ සාකච්ඡා කරලා තියෙනවා. එයාලට ප්‍රධාන දේවල් 3ක් හම්බවෙලා තියෙනවා.
 
📌 පුදුම හිතෙන සහ සුපිරි ලිංගික බලයක් (Sexual Superpower) ලැබුණා වගේ හැඟීම:
ගැහැණු ළමයි ගොඩක් දෙනෙක් මේක "ලිංගික අවදිවීමක්" (Sexual Awakening) හෝ "ලිංගික ගවේෂණයක්" (Sexual Exploration) විදියට විස්තර කරලා තියෙනවා. සමහරු මේක ඉගෙන ගන්න පොත්, වර්ක්ෂොප් පාවිච්චි කරලා තියෙනවා, ඒ වගේම මේ අත්දැකීම දෙන්න පුළුවන් සහකරුවන්ව හොයාගෙන තියෙනවා. තවත් සමහරුන්ට කලින් මේක වෙලා තිබුණත්, ඒ ගැන අවධානය යොමු කරලා නැතුව ඇති. එයාලට හිතිලා තියෙනවා තමන් මේ හැකියාව තියෙන කීපදෙනාගෙන් කෙනෙක්, ඒ නිසා තමන් විශේෂයි කියලා.
 
📌 උදාසීන බවක් හෝ සුරාන්තය අවසන් උනා වගේ හැඟීමක්):
 
සමහර ගැහැණු ළමයි හිතලා තියෙනවා " Squirting" කියන්නේ එච්චර ලොකු දෙයක් නෙවෙයි, ඕනවට වඩා උලුප්පලා තියෙන එකක් කියලා. එයාලට ඒක සිද්ධ වුණා කියලා දැනගෙන තියෙන්නේ ඇඳ ඇතිරිලි තෙමිලා තිබුණාම විතරයි. එච්චරම ඒකෙන් ලොකු ෆීලින් එකක් ඇවිත් නැහැ.
 
📌 අපහසුතාවය (Discomfort) හෝ ලැජ්ජාව (Shame):
 
අනිත් කණ්ඩායමට මේකෙන් අපහසුතාවයක් හෝ ලැජ්ජාවක් දැනී තියෙනවා. එයාලා හිතලා තියෙනවා මේක අවුල් සහගත, අපහසුතාවයට පත්වෙන දෙයක් කියලා. සමහරුන්ට සිද්ධ වෙන්නේ මොකද්ද කියලා දැනගෙනම නැහැ, එයාලා හිතලා තියෙනවා තමන්ට මුත්‍රා පිටවුණා කියලා, ඒ නිසා ලැජ්ජා වෙලා තියෙනවා.
 
අවසාන වශයෙන් - මේක සාමාන්‍ය දෙයක්, භය වෙන්න එපා!
ගැහැණු ළමයින්ගේ මේ "Squirting" අත්දැකීම ගැන එයාලට දැනෙන හැඟීම්, ඒ පුද්ගලයා මත, ලිංගිකත්වය ගැන එයාගේ අදහස් මත, සහ සහකරු ඒ ගැන හිතන විදිය මත වගේම, තමන්ගේ සංස්කෘතිය තුළ ලිංගිකත්වය සහ "Squirting" පිළිගන්නා විදිය මත රඳා පවතිනවා.
 
ඒ නිසා කෙල්ලනේ, Squirting කියන්නේ හැමෝම හිතන වගේ අම්මට සිරි වෙන ලෙවල් එකේ එකක්ය කියලා දෙයක් නැහැ. ඒක එපා වෙන දෙයක් ඉඳන් පුදුමාකාර අත්දැකීමක් දක්වා ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට එකම කෙනාට විවිධ අවස්ථාවලදී විවිධ විදියට දැනෙන්න පුළුවන්.
 
වැදගත්ම දේ තමයි: මේක සම්පූර්ණයෙන්ම සාමාන්‍යයි! සමහර කෙල්ලෝ Squirting කරනවා, සමහර කෙල්ලෝ කරන්නේ නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ එයාලට හොඳ හෝ නරක ලිංගික අත්දැකීමක් තියෙනවා කියලා. මේකෙන් මිත්‍යා මත ටිකක් අයින් වෙන්න ඇති කියලා හිතනවා.
 
#XeducationSL


Previous Post Next Post